ARRAYS

Array එකක් යනු කුමක්ද?
එය විශේශිත වූ variable එකකි. values විශාල ප්‍රමාණයක් එකම නමක් යටතේ ගබඩා කිරීමට අවශ්‍ය වූ විට Arrays භාවිතා කරනු ලෙබේ.

එනම් ඔබට කිසියම් list එකක්, උදාහරණ වශයෙන් ගතහොත් පන්තියක ළමුන්ගේ නම් list එකක් වැනි දෙයක් එක variable එකක නමක් යටතේ ගබඩා කිරීමට නොහැකිය. ඒ සදහා ඔබට පහත ආකාරයට variable names කිහිපයක් භාවිතා කිරීමට සිදුවේ.


$name1= "Okitha";

$name2= "Yesitha";
$name3= "Chameera" ආදී වශයෙනි.

නමුත් මේ සියලුම නම් $student_names යන variable එක යටතේ ගබඩා කිරීමට අවශ්‍ය නම් එය කරන්නේ කෙසේද?

එයට විසදුම නම් ඒ සදහා Array එකක් භාවිතා කිරීමයි.

PHP වලදී Arrays වර්ග 3 ක් අපට හමුවේ. ඒවා නම්,

  • Numeric array 
  • Associative array
  • Multidimensional array

Numeric array 

පළමුවෙන් අපි Numeric array යනු කුමක්ද යන්න සලකා බලමු.
Numeric array එකක එක් එක් දත්තයන් ගබඩා කරන්නේ එක් එක් numeric index යටතේය.

උදා:
$student_names[0]="Yesitha";
$student_names[1]="Okitha";
$student_names[2]="Chaammika";
$student_names[3]="Sewwandi"; ආදී වශයෙනි.

මෙහිදී කොටු වරහන් තුල ඇති අගයට index එක ‍යයි කියමු. මෙම අවස්ථාවේදී මෙම අගයන් numeric අගයන් බව ඔබට පෙනේ. එම නිසා මෙවන් Array එකකට අපි Numeric array එකක් යයි කියමු.

ඉහත උදහරණයේ දැක්වූයේ Numeric array එකක් නිර්මාණය කරන එක් ආකාරයකි. තවත් ආකාරයක් පහත  දැක්වේ.

$student_names = array("Yesitha","Okitha","Chaammika","Sewwandi"); 
මෙහිදී index වලට ඉබේම values assign වේ. index පටන් ගනු ලබන්නේ 0 නි.

මීලට අපි බලමු අපට අවශ්‍ය value එකක් browser එකේ display කරන්නේ කෙසේද කියා.

අපට අවශ්‍ය Yesitha යන නම browser එකේ display කිරීමට නම්, එය ඇත්තේ array එකේ 0 වෙනි ස්ථානයේ නිසා, පහත අකාරයට එම value එක ප්‍රවේශ වීමට හැකිය.
<?php
$student_names = array("Yesitha","Okitha","Chaammika","Sewwandi"); 
echo $student_names[0];
?>

Associative array


මීලට අපි Associative array යනු කුමක්ද යන්න සලකා බලමු.
උදාහරණයක් සලකා බලමු.


$marks['Yesitha'] = "85";
$marks['Okitha'] = "70";
$marks['Chaammika'] = "64";

මෙම අවස්ථාවේදී පංතියක එක් එක් ළමුන්ගේ ලකුණු අදාළ ළමයාගේ නම යටතේ ගබඩා කිරීම සිදු කර ඇත. මෙම array එකේ index අගයන් text බව ඔබට පෙනේ. මෙවන් Array එකකට අපි  Associative array  එකක් යයි කියමු. මෙහිදී index එක ID key කියා හදුන්වයි.

ඉහත උදහරණයේ දැක්වූයේ Associative array එකක් නිර්මාණය කරන එක් ආකාරයකි. තවත් ආකාරයක් පහත  දැක්වේ.

$marks =  array("Yesitha"=>85, "Okitha"=>70, "Chaammika"=>64);


අපට අවශ්‍ය Yesitha ගේ ලකුණු browser එකේ display කිරීමට නම්, එය ඇත්තේ array එකේ Yesitha යන ID key එකේ නිසා, පහත අකාරයට එම value එක ප්‍රවේශ වීමට හැකිය.
<?php
$marks =  array("Yesitha"=>85, "Okitha"=>70, "Chaammika"=>64);
echo $marks['Yesitha'];
?>

Multidimensional array



මීලට අපි  Multidimensional array යනු කුමක්ද යන්න සලකා බලමු.
උදාහරණයක් සලකා බලමු.


$provinces = array(
  "western"=>array( "kalutara", "colombo", "gampaha" ),
  "central"=>array("kandy"),
  "south"=>array("galle","matara","hambantota")); 

මෙම අවස්ථාවේදී ප්‍රධාන array එකේ සෑම element එකක්ම තවත් array එකක් වේ.

ඉහත උදහරණයේ දැක්වූයේ Multidimensional array එකක් නිර්මාණය කරන එක් ආකාරයකි. තවත් ආකාරයක් පහත  දැක්වේ.

$provinces['western'][0]=kalutara;
$provinces['western'][1]=colombo;
$provinces['western'][2]=gampaha;
$provinces['central'][0]=kandy;
$provinces['south'][0]=galle;
$provinces['south'][1]=matara;
$provinces['south'][2]=hambantota;

අපට අවශ්‍ය Colombo යන්න
 browser එකේ display කිරීමට නම්,  පහත අකාරයට එම value එක ප්‍රවේශ වීමට හැකිය.

<?php
$provinces = array(
  "western"=>array("kalutara","colombo","gampaha"),
  "central"=>array("kandy"),
  "south"=>array("galle","matara","hambantota")); 
echo $provinces['western'][1];

?>



No comments:

Post a Comment