Basic Things To Know


  • JavaScript පටන් ගන්නා විට <script>  tag එකද අවසන් කරන විට </script>  tag එකද, යොදා ගත යුතුය. මෙම tag දෙක අතර JavaScript code එක ලියන අතර browser එක මගින් code එක execute වේ. 
  • JavaScript වලදී HTML elements හදුනා ගැනීමට HTML id attribute එක භාවිතා කරනු ලැබේ. document.getElementById() method එක මගින් අදාල id එක සහිත HTML element එක access කිරීමට හැකිය.


උදා :


<html>
<body>
<h1>My First JavaScript</h1>
<p id="hello">Hello World!</p>
<script type="text/javascript">
document.getElementById("hello").innerHTML="My First JavaScript Code";
</script>
</body>
</html>

මෙහිදී browser එක id එක hello වන HTML element එක access කර එහි content එක My First JavaScript Code යන්නෙන් replace කරනු ලබයි.

JavaScript Comments


JavaScript code එකක් execute වන විටදී නොසලකා හැරිය යුතු කොටස් දක්වනු ලබන්නේ comment කිරීමෙනි.

  • එක line එකක් comment කිරීමට // සලකුණ යොදනු ලැබේ. මෙයට Single Line Comment යැයි කියනු ලැබේ.
  • Lines කිහිපයක් comment කිරීමට, comment කිරීම අරඹන ස්ථානයේදී /* සලකුණ යොදනු ලැබේ. comment කිරීම අවසන් කරන ස්ථානයේදී */ සලකුණ යොදනු ලැබේ.




No comments:

Post a Comment