Javascript (Introduction)



JavaScript යනු client side scripting language එකකි. එනම් මෙම JavaScript code එක execute වන්නේ user ගේ browser එකේදී වේ.



අපි වෙබ් අඩවියක ඇති Form එකක් පුරවා submit කිරීමේදී සිදුවන්නේ කුමක්ද කියා මෙම රූප සටහනෙන් පැහැදිලිවේ.

පළමුව form එක හරියට fill වී තිබේද කියා බැලීමට client side validation script එකක් යොදාගනී.  Client side validation script කියා කියන්නේ server එකට යාමට පෙර client side එකේදීම form එක validate කිරීමට මෙම script එක යොදාගන්නා බැවිනි. මේ සදහා අපට JavaScript භාවිතා කල හැකිය.

සෑම ප්‍රධාන browser එකක්ම JavaScript වලට support කරයි.

උදා: Internet Explorer, Firefox, Chrome, Opera, and Safari.

JavaScript ඉතා පහසුවෙන් ඉගෙනගැනීමට හැකි programming language එකකි. එසේම මෙය interpreted language එකකි.

Java සහ JavaScript යනු දෙකකි. Java යනු powerful programming language එකකි. JavaScript යනු client side scripting language එකකි.


No comments:

Post a Comment