PHP Introduction

PHP යනු ඉතාමත් බහුලව භාවිතා වෙන නොමිලයේ ලබාගන්නට හැකි software එකකි. Dynamic and Interactive වෙබ් අඩවි නිර්මාණයේදි PHP ඉතාමත් බලවත් tool එකක් ලෙස භාවිතා වේ. මෙම පාඩම් මාලාව අවසානයේදී ඔබට PHP  පිලිබඳ  හොඳ අවබෝධයක් ලබාගන්නට හැකිවේයයි අපි සිතමු.


Dynamic and Interactive වෙබ් අඩවි :

වෙබ් අඩවිය භාවිත කරන්නා හට පහසුවෙන් එම වෙබ් අඩවිය සමග සම්බන්ධ වී තොරතුරු ඇතුලත් කිරීමට, තොරතුරු සංස්කරණය කිරීමට හෝ තොරතුරු මකා දැමීමට හැකි නිතරම වෙනස් වන සුලු අන්තර්ගතයෙන් යුත් වෙබ් අඩවියක් වේ.


Static වෙබ් අඩවි:

වෙබ් අඩවිය භාවිත කරන්නා හට  හැකියාව ඇත්තේ එම වෙබ් අඩවියේ අඩංගු කරුණු කියවීම පමනි.තොරතුරු ඇතුලත් කිරීමට, තොරතුරු සංස්කරණය කිරීමට හෝ තොරතුරු මකා දැමීමට හැකියාවක් නොමැත.


PHP

Hypertext Preprocessor යන වචනයේ කෙටි අර්ථය PHP වේ. එය Server Side Scripting Language එකක් ලෙසද හදුන්වනු ලැබේ. එසේම මෙය Free and Open Source Software එකක් වේ. එනම් මෙය නොමිලයේ  ලබගත හැකි, source code එක users ලට අධයනය කිරීමට, වෙනස් කිරීමට, වැඩිදියුණු කිරීමට ඉඩ දෙන ලද Software එකකි.

PHP Server Side Scripting Language එකක් බැවින් පළමුවෙන්ම ඔබගේ computer එක web server එකක් බවට පත්කරගත යුතු වේ. මේ සදහා web server software එකක් install කරගත යුතු වේ. මෙහිදී අපි භාවිතා කරනුයේ Apache web server software එකය. ඒ සමගම PHP ද install කරගත යුතු වේ.මෙම Software දෙක වෙන වෙනම install කරනවාට වඩා පහසු ක්‍රමවේදයක් අපට භවිතා කල හැක. එනම් මෙම Software දෙක වෙනුවට මේ දෙකම ඇතුලත් එක software එකක් install කරගැනීමට හැක. XAMPP යනු එම software එකයි. 


මෙහි X යනු - ඕනෑම Operating System එකක් යන්නයි

මෙහි A යනු - Apache web server 

මෙහි M යනු - MySQL 

මෙහි P යනු - PHP

මෙහි අවසාන P යනු -Perl වේ.

PHP Script එක server එක තුලදී execute වී result එක HTML ලෙස නැවත Browser එකට  එවනු ලැබේ.




No comments:

Post a Comment