PHP Syntax
PHP Syntax
Syntax යනු coding කිරීමේදී පිලිපැදිය යුතු නීති වේ.
- PHP Script එකක් සෑම විටදීම පටන් ගනු ලබන්නේ <?php සහ නිමා කරනු ලබන්නේ ?> ලෙසය.
උදා:
<?php
//php code here
?>
- PHP file එකේ extension එක .php වීම අනිවාර්ය වේ.
- සෑම PHP Statement එකක්ම අවසන් කරනු ලබන්නේ ; සලකුණෙනි.
Comments
PHP Script එකක් execute වන විටදී නොසලකා හැරිය යුතු කොටස් දක්වනු ලබන්නේ comment කිරීමෙනි.
- එක line එකක් comment කිරීමට // සලකුණ යොදනු ලැබේ. මෙයට Single Line Comment යැයි කියනු ලැබේ.
- Lines කිහිපයක් comment කිරීමට, comment කිරීම අරඹන ස්ථානයේදී /* සලකුණ යොදනු ලැබේ. comment කිරීම අවසන් කරන ස්ථානයේදී */ සලකුණ යොදනු ලැබේ.
උදා:
<?php
// This is a single line comment
/* This
is a
multiline
comment */
?>
No comments:
Post a Comment