PHP VARIABLES / STRING / OPERATORS

Variable එකක් යනු යම් කිසි අගයක් ගබඩා කර තැබිය හැකි, software developer විසින් නමක් දෙන ලද memory කොටසකි.

උදාහරණයක් ලෙස ගතහොත්, O/L අවධියේ , පාසලේදී ගණිතය පාඩමේදී පහත දැක්වෙන ආකාරයේ ගැටලු විසදුවා ඔබට මතක ඇති.


a හි අගය 5. b හි අගය 10. c = a + b නම්, c හි අගය සොයන්න.


නැතිනම් ,


x = 3, y = 10.5 , z = x + y නම්, z හි අගය සොයන්න.


මේ ආකාරයේ කොතෙකුත්  ගැටලු  ඔබ ළමා කාලයේදී විසදන්නට ඇත.


ඉහත දැක්වූ  a,b,c,x,y,z  යන මෙම අකුරු වලට අපි විසින් අගයන් ආදේශ කරන ලදී. මෙම අකුරු වලට අපි variables යයි කියමු.


z = x + y , මෙයට expression එකක් යැයි කියන්නෙමු.


එනම් expression එකක් හෝ යම් කිසි අගයක් ගබඩා කර තැබීමට variables අපිට භාවිතා කල හැකිය.


PHP variable එකක් නම් කිරීමේදී පිලිපැදිය යුතු නීති
  • Variable එකක් නම් කිරීමේදී $ ලකුණෙන්  පටන් ගත යුතුයි           (උදා : $x , $name).
  • නම් කෙරීමේදී හිස් තැන් යෙදිය නොහැක.(උදා : $My Name - මෙය වැරදිය).
  • Variable  එකක් නම් කිරීමේදී alpha-numeric characters සහ underscores (a-z, 0-9, _ ) භාවිතා කල  හැකිය. (උදා : $my_name, $name1).
  • ලකුණෙන් පසුව නම පටන් ගත යුත්තේ letter එකකින් හෝ underscore  එකකිනි.
  • Variable වල නම් case sensitive වේ. එනම් $x  යන්න $X ලෙස ලිවීම  නොහැකිය.

දැන් අපි බලමු variable එකකට value එකක් පවරන්නේ (assign කරන්නේ) කොහොමද කියල.

<?php
$my_name =  "ishara";
$my_age = 27;
?>


ඉහත $my_name හි value එක text එකකි. එවැනි variable values "" සලකුණු තුල දැක්විය යුතුය. $my_age හි value එක number එකකි. එවැනි variable values "" සලකුණු තුල දැක්විය යුතු නැත.


No comments:

Post a Comment