IF / ELSE AND SWITCH

විවිධ  කොන්දේසීන් අනූව විවිධ තීරණ ගැනීමට උවමනා වූ විට අපි Conditional Statements භාවිතා කරන්නෙමු.

PHP වලදී අපට පහත සදහන් Conditional Statements හමුවේ.

IF Statement - මෙය භාවිතා කරනුයේ කොන්දේසිය සත්‍ය වූ විටදී පමණක් කිසියම් ක්‍රියාමාර්ගයක් ගැනීම සදහාය.
උදා:
<?php
$marks = 80;
If ($marks >= 80)
{
   echo  "Excellent";
}
?>
මෙහිදී පරීක්ෂා කරනුයේ $marks යන variable එකේ අගය 80 ට විශාල හෝ සමාන වේද යන්න පමණි.  විශාල හෝ සමාන නම් You Are Excellent කියා Browser එකේ Display වේ.


IF ELSE Statement -  මෙය භාවිතා කරනුයේ කොන්දේසිය සත්‍ය වූ විටදී එක් ක්‍රියාමාර්ගයක් සහ සත්‍ය නොවූ විටදී වෙනත් ක්‍රියාමාර්ගයක් ගැනීම සදහාය.
උදා:

<?php
$marks = 80;
If ($marks >= 80)
{
   echo  "You Are Excellent";
}
else
{
   echo  "You Are Not Excellent";
}
?>
මෙහිදී පරීක්ෂා කරනුයේ $marks යන variable එකේ අගය 80 ට විශාල හෝ සමාන වේද යන්න සහ  විශාල හෝ සමාන  නම් You Are Excellent කියා Browser එකේ Display වන අතර විශාල හෝ සමාන නොවූ විටදී You Are Not Excellent කියා Browser එකේ Display වේ.


IF ELSEIF ELSE Statement - මෙය භාවිතා කරනුයේ එක් කොන්දේසියක් සත්‍ය වූ විටදී එක් ක්‍රියාමාර්ගයක් සහ තවත් කොන්දේසියක් සත්‍ය වූ විටදී තවත් ක්‍රියාමාර්ගයක් සහ මේ ආදී වශයෙන් කොන්දේසි කිහිපයක් සත්‍යද සත්‍ය නොවේද යන්න සලකා බලා අවසානයේ මෙම කොන්දේසි එකක් වත් සත්‍ය නොවේ නම් සත්‍ය නොවූ විටදී වෙනත් ක්‍රියාමාර්ගයක් ගැනීම සදහාය.
උදා:
<?php
$marks = 80;
If ($marks >= 80)
{
   echo  "You Are Excellent";
}
else If ($marks >= 70)
{
   echo  "You Are Very  Good";
}
else If ($marks >= 60)
{
   echo  "You Are Good";
}
else If ($marks >= 50)
{
   echo  "You Are Fair";
}
else
{
   echo  "You Are Bad ";
}
?>
මෙහිදී පළමුව පරීක්ෂා කරනුයේ $marks යන variable එකේ අගය 80 ට විශාල හෝ සමාන වේද යන්න සහ විශාල හෝ සමාන නම් You Are Excellent කියා Browser එකේ Display වන අතර,ඊළගට පරීක්ෂා කරනුයේ $marks යන variable එකේ අගය 70 ට විශාල හෝ සමාන වේද යන්න සහ විශාල හෝ සමාන නම්  You Are Very  Good කියා Browser එකේ Display වන අතර මේ ආකාරයෙන් කොන්දේසි කිහිපයක් සත්‍යද සත්‍ය නොවේද යන්න සලකා බලා අවසානයේ මෙම කොන්දේසි එකක් වත් සත්‍ය නොවේ නම් සත්‍ය නොවූ විටදී  You Are Bad  කියා Browser එකේ Display වේ.


SWITCH Statement - මෙයද භාවිතා කරනුයේ එක් කොන්දේසියක් සත්‍ය වූ විටදී එක් ක්‍රියාමාර්ගයක් සහ තවත් කොන්දේසියක් සත්‍ය වූ විටදී තවත් ක්‍රියාමාර්ගයක් සහ මේ ආදී වශයෙන් කොන්දේසි කිහිපයක් සත්‍යද සත්‍ය නොවේද යන්න සලකා බලා අවසානයේ මෙම කොන්දේසි එකක් වත් සත්‍ය නොවේ නම් සත්‍ය නොවූ විටදී වෙනත් ක්‍රියාමාර්ගයක් ගැනීම සදහාය.
උදා:

<?php
$num=2;
switch ($num)
{
case 1:
  echo "You Are The Number 1";
  break;
case 2:
  echo "You Are The Number 2";
  break;
case 3:
  echo "You Are The Number 3";
  break;
default:
  echo " You Are Not The Number 1,2 Or 3";
}
?>

1 comment:

  1. Comment කරන්නත් අමතක කරන්නෙපා. වැරදීම් තිබේනම් අපට දන්වන්න.

    ReplyDelete